Kio



Kio

ආලෝක වර්ෂ 39 ක් දුරින් පිහිටි තාරකාවක් දිහා අපිට බලන්න පුලුවන්ද? ඒ තරම් දුරක් යන්න අපේ තියන වේගවත්ම රොකට් යානය සූදානම් කරත් ඒකට කාලය අවුරුදු බිලියන ගාණනක් ගත වෙන්න පුලුවන්.
නාසා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මඟින් සොයාගැනීමක් කරලා තියනවා පෘථිවියෙන් එහා වගෙම අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් එහා ජීවයක් පවතින්නට පුළුවන් කියලා සාධක.

මේ කියන්න යන තාරකාවේ නම තමයි #Trappist ( ට්‍රැපිස්ට් ) කියලා කියන්නෙ. මේක වාමනතරුවක් බවට නාසා විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබනවා. මෙහි විශාලත්වය බ්‍රහස්පති ග්‍රහ ලෝකෙට වඩාත් කුඩා ප්‍රමාණයකින් වැඩි බවයි ඔවුන් පවසන්නේ. (නිගමනය තහවුරු කර නොමැත)

මෙ තරුව ගැන මුලින්ම හොයාගෙන තියෙන්නෙ චිලී වල තියෙන Trappist කියන ටෙලස්කෝප් එක මගින්. ඉතින් ඒ හින්දා තමයි මෙන්න මේ තරුවට trappist 1 ලෙස නම ලැබුනේ. මේක පිහිටලා තියෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයේ ඉඳලා ආලෝක වර්ෂ තිස් නවයක් විතර දුරින්. 2015 අවුරුද්දේ දී විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා මේ ට්‍රැපිස්ට් තරුව වටා කක්ෂ ගත වෙලා තියන ග්‍රහලෝක හතක් පිළිබද විස්තර සොයාගන්න. හොදම දේ කියන්නේ මේ ග්‍රහලෝක හතෙන් තුනක් ම ප්‍රමාණයෙන් පෘතුවියට සමානයි. ඒ වගේම පෘථිවිය වගේම මේ ගහලෝකත් පාෂානමය ග්‍රහලෝක බවයි සදහන් වෙන්නෙ.

දැනට පවතින සාධක සහ පරික්ෂණ මත විශ්වාසයක් පවතිනවා මේ Trappist තාරකාවේ... ජීවින් වාසය කරන්නට පුලුවන් බවට .
ඒ කියන්නෙ පිටසක්වලයෙක් ද?
ඔව් අපි කියන්නෙ අපේ ලෝකෙන් එහා අයට පිට සක්වල ලෙසයි. ඉතින් මේ විද්‍යාත්මක කාරණා පදනම් කරගනිමින් මනංකල්පිත සිනමා සිහිනයක නිර්මාණයක් ගොඩනැගුවා. හරිම සරලයි.. අපි මේ ලෝකේ ඉදලා ඈත විශ්වය දිහා බලාගෙන පරීක්ෂණ කරනවා.
ඔයාලා කවුරුත් හිතුවද අපි විතරක් නෙමෙයි විශ්වය දිහා බලන් ඉන්න එකම ජීවී වර්ගයා කියලා...
ඔවුන්?.....
ඔව්.. ඔවුන් එනවා... දැනටමත් අපේ පෘථිවියට පා තබා අවසානයි. දවසක් එනවා අපි ඔවුන් හා ගැටෙන.ඉතින් මේ TRAPPIST කතා මාලාවේම තවත් එක් කොටසක් තමයි Kio කියන්නෙත්.
අවසන් මනුෂ්‍යත්වය දක්වාම ඔවුන් හා අප ගැටෙනු ඇත. Kio කතාමාලවේ කුමක් වේවිද කියා දැක බලා ගැනීමට නම් මේ සිහින සිනමා නිර්මාණය සැබෑවට නිර්මාණය වන තෙක් අපි ඉවසීමෙන් බලා සිටිමු.
එතෙක් ඔබට Trappist කතා මාලාවේ එක් ආරම්භක කතාවක් මෙලෙසින් දිගහැරී ඇත. අගක් මුලක් කොහෙද කියා තවම කියැනොවුන මේ කතා මාලාවේ එක් පරිච්ඡේදයක් පමණක් බවට මෙය මතක තබා ගන්න. 

මෙම ලින්ක් එකෙන් Trappist නැරඹිය හැකිය


Kio
The Dark Side
Trico
Run
මේ සියල්ල තවම සිනමා සිහින පමණි.

0 Comments