One of the Ten Great Giants N A N D H I M I T H R A


One of the Ten Great Giants
N A N D H I M I T H R A


ලංකා ඉතිහාසයේ ඈත අතීතයෙ පුරාවෘත්තයන්හි සදහන් වූ මහා බල ඝණ අඳුර, යලිත් වරක් වර්තමානයේ අප පොළොව මතුපිටට නැවත ලගාවන බව ඔහුට දැනෙන්න පටන් ගන්නවා.. මේ මහා විනාශය නිසා එදත් ලංකා භූමිය අදුරෙන් අදුරට පත් කිරීමට මහා බල ඝණයෝ නොයෙක් ස්වරූපයෙන් සටන් වැදුනද, එදා සිටි වීරයන් සමග මහා බල ඝණ සටන මෙහෙයවා ජය ලැබූ ඔහු සිංහා විලාශයෙන්ම එදා සිට අද දක්වාම ඉතා දීර්ඝ කාලයක් ලක්පොලෝ තලයේ එක් දිශාවක තවමත් සිටිමින් අනාගත සටන මෙහෙයවීමට බලා සිටින බවට ඉතිහාස වාර්තා සාක්ෂි දරනවා.


අනාගතයේ සටනක් සදහා සිංහාවිලාශය තම සැගව ගිය රාජධානියෙන් පිටතට ඇවිත් එකල සිටි වීරයන්ගේ උරුමය යලි සොයන්නට පටන් ගන්නවා.. ඒ අනාගතයේ යලිත් එන මහා බල ඝණ අදුරු සටනට ඔවුන් සමග සූදානම් වීමටයි.
කවුද මේ සිංහාවිලාශය කියන්නෙ?
මේ සොයන වීර උරුමක්කරුවන් කවුද?
මේ සිනමා කතාව කුමක්ද?
අපි අහලා තියනවා අපේ ඉතිහාසයේ දස මහ යෝධයන් ගැන. එකල දසමහා යෝධයන්ගෙන් පැවත එන ඒ ලේ උරුමය මෙකලදීත් ඉන්නවා කිව්වොත්..


නමුත් මේ 2021 වන වර්ෂයයි.. මේ කාලේ කවුද මේවා විශ්වාස කරන්නෙ. ඒත් සැබෑ ලෙසටම සිංහාවිලාශය ඔවුන්ව ‍යලි සොයන්න පටන් ගන්වා. මේ සිනමා නිර්මාණය නන්දිමිත්‍ර නම්වූ ඉතිහාසගත ඒ මහා වීර යෝධයා ගැනයි. ඔහුගෙ මෙකල ලේ උරුමය ගැනයි. මේ චිත්‍රපටය තුලින්
අපිට බලා ගන්න පුලුවන් වෙන්නෙ ඉතිහාසයේ සිදු වූ අදුරු සටනක් නැවත අනාගතයේ සිදුවන්නට යන බවක්‍ ය. එම නිසා සිංහාවිලාශය ඒ ලේ උරුමය සොයා ඔවුන්ට හිමි ඔවුන්ගේ ශක්තිය ඔවුන් තුලින්ම උපද්දවා ගැනීමට කටයුතු කිරීමයි.


යෝධයන් දස දෙනෙක්ගෙන් එක් අයකු වූ නන්දිමිත්‍රයන්ව මෙකලදී සොයාගෙන ඔහුගේ ලේ ප්‍රාණශක්තිය ඔහුගෙන් උපද්දවාගෙන අනාගත සටනට ඔහු සුදානාම් කිරීමට ගන්නා උත්සහයත් ඒ අතර සිදුවන සිදුවීම මාලවකුත් මේ සිනමා නිර්මාණයෙන් දිගහැරේ. අදුරෙන් පැමිණෙන උන්ගෙන් නන්දිමිත්‍රට කුමක් සිදුවේ ද? නන්දිමිත්‍ර තමන්ගෙ ලේ උරුමය අදුනාගනීද? එ වගේම කවුද මේ සිංහාවිලාශය වූ පැරැණිතමයා  ? ඉතිහාසයේ සදහන් දසමහා යෝධයන්ගේ නායකයන් වන ඒ බලගතු රාජකීය උත්තමයාද මේ සිංහාවිලාශය කියන්නෙ? 

ඉතින් මේ සිනමා නිර්මාණය One of the Ten Great Giants කතා මාලාවේ පළමු වැන්නයි. ලංකාවේ යෝධයන් දස දෙනෙක්  ගැන ඉතිහාස ගත කරුණු සමග වර්තමානයට ඔවුන් ගෙනෙනා විට එය කොහොම වේවිද..? ඒකත් මේ One of the Ten Great Giants Nandhimithra පළවෙනි කතාවයි. එතකොට සිංහාවිලාශය , මහා බල ඝණ අදුරු සටන කොහොම වේවිද?... එය නරඹන්න නම් මේ සිනමා සිහිනය සැබෑවක් වෙන දවසක් වෙනකම් අපිට බලන් ඉන්න වෙනවා.


වෙනදා නිර්මාණයන් වගේම කාලෙකට පසුව මා නිර්මාණය කල තවත් මනංකල්පිත සිනමා සිහින‍යකි මෙය.
මේ නිර්මාණයේ සිංහාවිලාශය හෙවත් ඒ රාජකීය පැරණිතමයාගෙ චරිතයට ලාංකීය විශිෂ්ට රංගධරයකු වන හේමාල් රණසිංහ මහත්මානන්ව මා විසින් තොරාගනු ලැබූවා. හොදට බලන්න මේ සිනමා පෝස්ටරයේ එතුමාව අදුරගන්න පුලුවන් උනාද කියලා?. ඒ වගේම දසමහා යෝධයන්ගෙ නන්දිමිත්‍ර චරිතයට මා තොරා ගනු ලැබුයේ "ආසියාවේ කළු සිංහයා" ලෙස නාම විරුදාවලි ලැබූ ලූෂන් පුෂ්පරාජ් මහත්මයානන් වයි.


ඉතින් නැවත සිහිපත් කරන්නම්.. මෙය මනංකල්පිත සිනමා සිහිනයක් බවට.
මා සිනමාවේ රසිකයෙකු මෙන්ම නිර්මාණකරුවකු ලෙසත් මගේ සිතට එන සිනමා අදහස් මෙලෙස මනංකල්පිතයක් ලෙස ගොඩනගමි. ඉහත සිනමා පෝස්ටරයත් මා විසින් නිර්මාණය කරනු ලැබූවකි.

Click here to Download the Movie Poster චිත්‍රපට පෝස්ටරය බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න


ලක්ෂාන් පෙරේරා ~
#සිනමාසිහිනය #dreamycinema
©

0 Comments