R U N

RUN Movie poster.


" R U N "

if you want to live you have to run.

up coming dreamy movie.


2035 දී අපේ ලෝකයට ආක්‍රමණයක් එල්ල වෙනවා. ඒ පෘථිවියෙන් ආලෝක වර්ෂ බිලියන ගණනක් දුරින් පිහිටි Trappist 1 නම් ග්‍රහලෝකයෙනුයි. පෘථිවිය හා සමානම ග්‍රහලෝකයක් වන එහි ජීවත් වන සත්වයාද අප මානව වර්ගයාට සමානය. නමුත් ඔවුන් තාක්ෂණය අතින් අපට වඩා බොහෝ ඉදිරියෙන් ඇත. මේ ට්‍රැපිස්ට්ලා ඔවුන්ගේ යානා වලින් ඒ තාක්ෂණය සහ ආයුධ සන්නද්ධව ඔවුන් ලංකාවට ගොඩ බසිනවා. අපේ රටේ ඔවුන්ට ගන්න පුලුවන් හැම බලශක්තියක් ම ඔවුන් අරගන්නවා. ඒ විතරක් නොව ඔවුන් අපේ මනුෂ්‍ය වර්ගයා විනාශ කර දමනවා. මේ සිදුවීම් වෙනකොට එක් පුද්ගලයකු ඔවුන්ට විරුද්ධව නැගී සිටිනවා. ඔවුන්ගේ දුර්වලතාවය හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව සටන් කරනවා... ඉන් පසු කුමක් සිදුවේද ?..


ඔබ සියලුම දෙනා මොහොතකට පුදුම වන්න ඇති... මේ ලංකාවේ නිර්මාණයක්ද? මොකද්ද මේ කියලා?? ඔව් මේ ලංකාවේ නිර්මාණයක්. ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ මාගේ මනංකල්පිත අදහසක් පමණි. ලාංකීය සිනමාවේ රසිකයෙකු විදියටත් හා නිර්මාණකරුවකු විදියටත් මගෙ හිතට නැගුනු අදහසක් මෙලෙස චිත්‍රපටයක පෝස්ටරයක් ලෙස නිර්මාණය කලා. ලංකාවේ මෙවැනි සිනමා නිර්මාණ බිහි කරන්නටත් පුලුවන් කියා දැක්මක් ඇති කරලීමේ අදහසින් මා මේ පෝස්ටරය නිර්මාණය කලෙමි.


පෝස්ටරයේ ඉන්නෙ කවුද කියලා ඔයාලා දන්නවා ඇති. ඔව් ඒ ලාංකීය විශිෂ්ට රංගන ශිල්පී හේමාල් රණසිංහයන්‍ ය. Hemal Ranasinghe ( Hemal Sachindra Ranasinghe ) මේ මනංකල්පිත පෝස්ටරය නිර්මාණය සදහා මම එතුමාගෙ රුව යොදා ගත්තේ මම කැමතිම රංගන ශිල්පීන්ගෙන් කෙනෙකු නිසා.
මේක දකින ඔයාලා හැමෝටම හිතෙන දේ , ඒ අදහස් Comment කරන්න.

Click here to Download the Movie Poster

ස්තුති

••••••••••
අදහස සහ නිර්මාණය
ලක්ෂාන් පෙරේරා
©

#සිනමා_සිහිනය #dreamycinema

0 Comments

Oldest

Brand creation, trend analysis & style consulting

Lorem Ipsum has been the industry's standard dummy text ever since. Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since.