X - SAS ( එක්ස් - සාස් )

Ashan aiya movie poster

" X - SAS " ( එක්ස් - සාස් )


හිටිහැටියේම එක්තරා නගරයකින් අමුතුම රෝගයක් වාර්තා වෙනවා. ටිකෙන් ටික මේ රෝගය මිනිසුන් අතර පැතිරෙන්නට පටන් ගන්නවා. එහෙම ව්‍යාප්ත වෙලා ගම්, නගර පුරා රෝග බියෙන් මිනිස්සු ගෙවල් වලට සිර කරන්නට තරම් මේ රෝගය ප්‍රබලත්වයට එනවා. මෙහි භයානක බව කොතෙක්ද කියනවා නම් රෝගය වැළඳුණු පුද්ගලයෙකුගේ ජීවිත කාලය " X " ලෙස තීරණය කරන්නට සෞඛ්‍ය බලධාරීන් පියවර ගන්නවා. ඇයි "X" ලෙස ජීවිත කාලයක් තීරණය කරන්නෙ. ඔව් 'X' කියන්නෙ ඉංග්‍රීසි අක්ෂර මාලාවෙ 24 වෙනි අකුරට. එනම් එහි තේරුම පැය 24ක් යන්නයි.


එතකොට "SAS" කියන්නෙ?... ඒක තමයි "X" ට විරුද්ධ එන්නත. එනම් මේ වයිරස් එකට තියන එකම ප්‍රති එන්නත. මේ බෙහෙත ලැබෙන්නේ සමාජ පංති අනුවයි. මෙතනින් තමයි මේ චිත්‍රපට කතාව ආරම්භ වන්නෙ. මෙන්න මේ නිසා සමහර මිනිස්සු එකිනෙකා කලකෝලාහල කරගන්නා තත්වයට පත් වෙනවා. මේ අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නන් පවා බිහි වෙනවා. සොරුන්, මංකොල්ලකරුවන් අපරාධකරුවන් වැන්නන්.
වෛරසයෙන් ආරක්ෂා වීමට නම් මුහුණු ආවරණයක් පැළදීම සහ තම තමන් ආරක්ෂාකාරී වීම, අනිවාර්ය බව මේ මොහොතේ සෞඛ්‍යය අංශ නිර්දේශ කරනවා. නමුත් මිනිස්සු " X " හේතුව නිසා "SAS" සදහා පෙළගැසෙන්නට පටන් ගන්නවා.. ඒ විතරක් නෙමෙයි සිදු වන සොර මැරකම් නිසාත් ඒවට එරෙහිව මේ අවස්ථාවේ විශාල සටනක් සිදු වෙනවා. මෙහිදි එක් නායකත්වයක් මිනිසුන් තුලින් ඉස්මතු වෙනවා. ඔහු නමින් රොහාන් වේ. රොහාන් කොහොමද මේ දරුණු වෛරස සමග සමාජ කලහාකාරී තත්ත්වයට මුහුණ දෙන්නේ... අවසානයේ " X - SAS " කුමක් සිදුවේද?..


එය දැකගැනීමට නම් මේ සිහින සිනමා නිර්මාණය ඔබ නැරඹීය යුතුය. මේ ලංකාවේ නිර්මාණයක්ද? ඔව් මේ ලංකාවේ නිර්මාණයක්. ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ මාගේ මනංකල්පිත අදහසක් පමණි. ලාංකීය සිනමාවේ රසිකයෙකු විදියටත් හා නිර්මාණකරුවකු විදියටත් මගෙ හිතට නැඟුණු අදහසක් සමග මෙලෙස චිත්‍රපටයක පෝස්ටරයක් ලෙස මෙය නිර්මාණය කලා. ලංකාවේ මෙවැනි සිනමා නිර්මාණ බිහි කරන්නටත් පුලුවන් බව මගේ දැක්මයි.


පෝස්ටරයේ ඉන්නෙ කවුද කියලා ඔයාලට අදුරගන්න පුලුවන් ද? රොහාන්ගේ චරිතය නිරූපණය කරනුයේ ලාංකීය රංගන ශිල්පී අශාන් ඩයස් ය. Ashan Dias (මේ සදහා යොදා ගත් ඔහුගේ සැබෑ ඡායාරූපය මා comment එකක් ලෙස සටහන් කරන්නම්) මේ මනංකල්පිත අදහසත්, පෝස්ටරයත් නිර්මාණය සදහා මම එතුමාගෙ රුව යොදා ගත්තේ මම කැමතිම රංගන ශිල්පීන්ගෙන් තවත් කෙනෙකු නිසා.


මේක දකින ඔයාලා හැමෝටම හිතෙන දේ , ඒ අදහස් Comment කරන්න.
( මෙහි පසුබිම් රූප මිනිසුන් කෑමොර දෙන දසුන් ලෙසත් සොම්බීන් නොවන බවටත් හා මෙය සම්පූර්ණ මනංකල්පිත අදහසක් පමණක් බවට මතක තබා ගන්න. )

Click here to Download the Movie Poster චිත්‍රපට පෝස්ටරය බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න


ස්තූති.
ලක්ෂාන් පෙරේරා
•••••••••••••••••••••••••
©
#සිනමා_සිහිනය #dreamycinema

0 Comments