A Long Journey



A Long Journey


එක්තරා ගමක පුංචි කෙල්ලක් ඉන්නවා.. මේ පුංචි කෙල්ල හරිම දඟමල්ලක්. ගමේ තියන ගස් උඩයි ගල් උඩයි කැලේ සත්තු පස්සෙනුයි තමයි හැමදාම කාලය ගත කරන්නෙ.. දවසක් මේ පුංචි කෙල්ලගෙ දගවැඩක් නිසා එයාගේ ආත්තම්මා එයාට ටිකක් අවවාද කරනවා. මේකට හිත රිදුන මේ චූටි දූ දවසම අඩන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ ආත්තම්මා ඇයව සනසන්නට ලස්සන කතාවක් කියනවා. අපි ඒ කතාව පස්සෙ බලමුකෝ ඊටත් කලින් මේ කතාව අහල ඉමු....


මේ විදියට කාලයත් එක්කම මේ පුංචි කෙල්ල තරුණියක් වෙනවා... දවසක් හිටිහැටියේම මේ තරුණියට නිවසේ තිබී අමුතු පොතක් හම්බෙනවා... ඇය ඒක පෙරල පෙරලා බලනවා.. ඒ පොත හරියට පරණ පුස්කොළ පොතක් වගේ. හැබැයි ඒ පොතේ තිබුනේ කෙනෙක් ගියපු ගමනක් ගැන.. තව එක එක ලකුණු දාපු සිතියමකුත් තිබුණා.. මේ පොතෙ තිබුණු දේවල් බල බල ඉන්න ඇයට තම අත්තම්මා දවසක් කියා දුන්න කතාවත් මේ පොතේ තියන සටහනුත් සමාන බව ඇයට වැටහෙනවා....


දුවලා ගිහින් අත්තම්මාගෙන් මේ ගැන අහනවා... මෙතනින් තමයි මේ කතාව පටන් ගන්නේ... ඒ පොත මේ තරුණියගෙ පියාගෙ.. ඔහු ගවේශකයෙක්... ඉතින් ඔහු එක දවසක් ගිය ගමනකින් පස්සේ අද වනතුරු ගෙදරට නොපැමිණි බව අත්තම්මා තරුණියට පවසා සිටියා.... මෙතැනින් පසුව අත්තම්මාගේ අකමැත්තෙන් උවත් ඇය.. මේ පොතේ ඇති තැන් සොයන්නට සිතා ගන්නවා... ඒ ගමන කොහොම ත්‍රාසජනක ගමනක්ද කියනවා නම්.... මේ කතාව බලන්නම වෙනවා.. ඒ වගේම ඇය මේ යන්නේ කොහෙටද? මේ පොතේ ඇති තැන් පසු පසුවද? නැත්නම් ඇයගෙ පියාව සොයාගෙනමද?... ඒක දැනගන්න නම් මේ සිනමා නිර්මාණය බලන්න වෙනවා..


ඉතින් මේ කතාව මනංකල්පිතයක් කියලා මතක තියාගන්න. මේ සිනමා සිහින පෝස්ටර් නිර්මාණයේ ඉන්නේ රංගන ශිල්පිනි ශලනි තාරකාය... Shalani Tharaka මට හිතුනේ මේ සිහින චරිතයට එතුමිය වඩාත් ගැලපෙන බවයි....

Click here to Download the Movie Poster - චිත්‍රපට පෝස්ටරය බාගත කිරීම සඳහා මෙහි ක්ලික් කරන්න


ස්තූති.
ලක්ෂාන් පෙරේරා
•••••••••••••••••••••••
©
#සිනමා_සිහිනය #dreamycinema

0 Comments