Facebook to the real world



Facebook to the real world


ෆෙස්බුක් නිර්මාතෘ මාක් විසින් ඉදිරි අනාගතයේදී අලුත්ම ෆේස්බුක් මුහුණුවරක් හදුන්වා දෙනවා. හැබැයි ඒ update එක භාවිතා කරන්න පුලුවන් කොටිපතියන්ට පමණයි. ඇයි එහෙම..?? ඔව් ඒක තමයි මේ කතාවේ ආරම්භය. ෆෙස්බුක් මේ නවතම හදුන්වා දීම ලබා ගෙන පරිහරණය කරන්න නම් කෝටි එකහාමාරක මුදලක් වැය වෙනවා. ඒ ගාන ගෙවන ඕනම කෙනෙක්ට මේ හරහා ලොගින් වීමක් ලබා ගන්න පුලුවන්.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නෙ ඩිලාන්. ඔහු ලංකාවේ ඉන්න කෝටිපති ව්‍යාපාරිකයෙකුගෙ පුත්‍රයෙක්. ෆේස්බුක් හදුන්වා දෙන මේ අලුත්ම ලොගින් එකක් ඔහුත් මුදල් ගෙවා ලබා ගන්නවා. ලබාගන්නවා කිව්වට ඩිලාට එතනට යන්න සිද්ද වෙනවා. ලංකාවට මේ ලොගින් එක ලබා දීමට ෆෙස්බුක් ආයාතනයෙන් සම්බන්ධ කරගන්නෙ TC Brothers ආයතනයයි. මොකද්ද මේ ලොගින් එක.. දැන් තමයි හොදම් හරිය. මේක හදලා තියෙන්නේ අපේ ශරීරය නින්දකට පත් කරලා මනෝකාය පමණක් එක්තරා ක්‍රමවේදයක් හරහා ගමන් කරවීමයි... ඒ කියන්නෙ tc brothers ආයතනයේ තියන මේ ලොගින් ශීට් එකේ හිසට සවි කරන හෙල්මට් එකක් සහ මුලු ශරීරයම ආවරණය වන box එකක් තුල මනුස්ස අපි නිදා ගැනීමයි. මෙතන නිදාගත්තාම මේ යන්ත්‍රය තුලින් ෆේස්බුක් රියල් වල්ඩ් එකට ලොග් වෙනවා..

මේ විදියට අපේ ඩිලාත් ෆේස්බුක් වෙතට ලොග් වෙනවා. වාව්... කොහොමද මෙක පේන්නේ. ඇස් පිල්ලම් ගහන වාරයක් පාසා එක එක රටවල් වලින් එක එක මිනිසුන් ලොග් වෙනවා. මං ඉන්නෙ කොහෙද ? වට පිට බැලුවාම තේරුම් ගන්න පුලුවන් මේ මම ඉන්නේ මගෙ ෆේස්බුක් එකව්න්ට් එකේ මම පෝස්ට් එකක් පළකරන තැනයි. මෙහි විශේෂත්වය වන්නෙ අපිට අපේ friend list එකෙ ඉන්න ඕනම කෙනෙක්ගෙ ඔවුන් විසින් පළකරනු ලැබූ ඕනම පෝස්ට් එකක් තුලට සැබෑවටම යන්න පුලුවන් වීමයි. ඒක හරියට අපි මේ දැන් ලෝකේ ඇවිදලා ඉන්නවා වගේමයි. හිතාගන්න ආමරුයි නේද? හැබැයි මෙහිදීත් සීමාවන් තියනවා. ඒ තමයි යම් ස්ථානයක photo එකක් නම් අපිට ඒ තුලට සැබෑවටම යන්න පුලුවන් වගේම ඒ පිංතූරයේ පෙනෙන සීමා තුල පමනක් ඇවිදින්න හෝ ඕනෑම ක්‍රියාකලාපයක නිරත වෙන්න පුලුවන් වීම. කන්න බොන්න, නටන්න ගයන්න, ඕනම කෙනෙක් meet වෙන්න වගෙම විවිධ රටවල් වල ඇවිදින්න, ඕනෑම වාහනයක් ගන්න, ඒ වාහනෙන් හැමතැනම යන්න, අහ ඒකට
ලයිසන් ඕනේද?
පිස්සු ද මොන ලයිසන්ද.
එහෙනම් හැප්පුනාම,
ඒකේන් බැහැලා අපිට අවුලක් නැත්නම් වෙන වාහනයක් ගන්නවා. ඒ වගේම අතීතයට යන්න උනත් පුලුවන්.
මොකා අතීතයට... ඔව් අපේ කලින් පෝස්ට් වලට ගමන් කරමින් ෆේස්බුක් නිර්මාණය දක්වා අතීතයට උනත් මේ තුල ගමන් කිරීමේ හැකියාව තියනවා. ඒක අමුතුම ටයිම් ලයින් එකක්.

ඉතින් දැන් තමයි මේකේ අදුරු පැත්ත මාක් අයියටත් වැටහෙන්නෙ. හැදුවට මොකද ඔහුට මෙහි අදුරු පැත්ත පාලනය කරන්න බැරිව ක්‍රමවේදයේ වැරද්දක් සිදුවෙනවා.
මනෝකාය තුලින් ගමන් කරන මේ ෆෙස්බුක් ලෝකේ හිතෙන ඕනෑම දෙයක් කරන්න පුලුවන් වීම තමයි මේ අදුරු පැත්ත.
විවිධ මත දරන මිනිස්සු මෙහිදි එයාලට හිතෙන හැම දේම කරන්න පටන් ගන්නවා. මිනිස්සු ගහ ගන්නවා, මරා ගන්නවා, කාන්තා හිංසන, ලේ වැගිරීම්, සොරමැරකම්, පිස්සු නටනවා මේකේ. මේකට ලොග් වෙලා ඉන්න ඕනම කෙනෙක්ට ඔයාට හිතෙන ඕනම දෙයක් කරන්න පුලුවන්. මේකට අපේ ඩිලාත් සම්බන්ධව වෙනවා. ඔහු ලොග් වෙන්නෙ මෙන්න මේ කියන ගැටලුකාරී තත්වයේදීය. මේක කෙතරම් භයානකද කිව්වොත් ෆෙස්බුක් තුල පබ්ලික් පෝස්ට් දමා ඇති ඕනෑම තැනකට යාමට ඒමට වගේම ඕනෑම දෙයක් ගන්නත් පුලුවන්. ඒක හරියට guns page එකකින් gun එකක් උනත් ගන්න පුලුවන්, ඒකට මුදල් ගෙවා හෝ නොගෙවා ප්‍රචන්ඩත්වයෙන් උවත්.

අවසානයේ මේක එකම යුධ පිටියක් වෙනවා. මෙහි ලොගින් වූවන් නිසි අයුරින් ඉවත්වීමක් සිදු නොකොලොත් ඔවුන් මේ මනෝකාය ෆේස්බුක් අවකාශය තුල අනතුරකට පත්වූවොත් ඒක සැබෑ ජීවයටත් බලපානවා. මේකෙන් ගැලවෙන්න නම් log out වීමට සිදුවෙනවා. නැත්නම් සටන් කරන්න වෙනවා. ඉන් එහාට ගැලවීමක් නම් නැත. මේ කතාව දිවයන්නෙ ඩිලාන්ගෙ ජීවිතේ වටාය. ඔහු ලොග් වෙලා නැවත සැබෑ ලෝකෙට එන්නෙ කොහොමද ඔහුට කුමක් වෙයිද? මේ ෆේස්බුක් රියල් වල්ඩ් එක කොහොමද ? මෙන්න මේ කාරණා මත මේ සිනමාපටයේ කතාව ගොඩ නැගෙයි.

මතක් කර දෙන්න කැමති මුලින්ම සටහන් කල පරිද්දෙන් මේයත් මනංකල්පිත සිනමා සිහිනයකි. ලාංකික සිනමාවේ මෙය සිදු කරන්න පුලුවන් ද? බැරිද කියන දේ තීරණය වන්නේ වචන මත නොව උත්සහ කිරීම තුලයි. ඔව්.. මේක vfx , cgi, editing සාගරයක්. පරිකල්පනයත් යම්තාක් දුරට සිනමාවේ ඉදිරියක් කියලත් මට සිතුන නිසා මම මෙවැනි මනංකල්පිත සිනමා සිහිනයක් ගොඩ නැගුවා. සමහර විට මේක මහ පිස්සු අදහසක් වගේ දැනෙයි. එහෙම දැනෙන ඒවා තමයි ඒ ෆිල්ම් එක බලලා මම අතරමං උනා තාම තේරුම් ගන්න බලනවා කියලා කියන movies. මේ චිත්‍රපටයේ ඩිලාන්ගෙ චරිතයට පණ දෙන්නේ ලාංකීය රංගන ශිල්පී සාරංග දිසාසේකරයන්‍ ය. ඔහුව තමයි මම මේ ලොගින් එකට සම්බන්ධ කරන්න පුලුවන් හොදම කෙනා ලෙසට තෝර ගත්තෙ

තවදෙයක් මේකේ ටයිම් ලයින් එක අලුත්ම විදියක්.. අතීතයට ගොස් එන්න පුලුවන් වීම. අනගතයට යෑමක් නැත. ෆේස්බුක් අද දැන් මේ මොහොතේ පෝස්ට් කරන කාලය දක්වා වර්තමානයක් පමණි. මේ ටයිම් ලයින් එක නිර්මාණය කලෙත් මම.


ස්තූති
ලක්ෂාන් පෙරේරා ~
•••••••••••••••••••••••••
©

0 Comments