TRICO



TRICO


කාලය ගමන් කරනවා. ලෝකය වෙනස් වෙනවා.. අපි දැන් මේ ජීවත් වෙලා ඉන්නේ වර්ෂ 2120 බව මතක තියා ගන්න.. හැම තැනම අදුරු වෙලා ගිහින්.. ආලෝකය අපිට අහිමි වෙලා. අපේ හිරු කිරණ අපිට දැන් ලැබෙන්නේ නැහැ. ඒ මොවුන් අපේ ලෝකය වටා වැස්මක් සවි කරපු නිසා. පෘථිවිය තවදුරටත් මනුෂ්‍ය අපට අයිති නැත. එය වර්ෂ 2070දී රෝබෝවරු විසින් පාලනය අතට ගන්නවා. ඇයි මනුෂ්‍ය වර්ගයාට මෙහෙම වුණේ...? ‍කලක් පටන් මිනිස් අපම තාක්ෂණය සමග විවිධ අත්හදා බැලීම් සිදු කරනවා. එහිදි අප අතින් නිර්මාණය වූ රෝබෝවරුන්ට අපි විසින්ම කෘතිම බුද්ධිය ලබා දෙනවා. ටිකෙන් ටික රොබෝවරු දියුණු කල මනුස්ස වර්ගයාට එරෙහිව අපි හදපු රෝබෝවරුන්ම අපට විරුද්ධ වෙනවා. ඒ කෘතිම බුද්ධිය සමග ඔවුන් ඔවුන්ට අවශ්‍ය දේ කරන්නත් ලෝකය පාලනය කරන්නත් පටන් ගැන්ම තුලින්.


කාලයත් සමග ඔවුන් අපේ ලෝකයේ ඔවුන්ගේ අධිරාජ්‍ය ගොඩ නඟා ගන්නවා. මුලින්ම ඔවුන් අපට ලැබෙන හිරු කිරණ අපිට අහිමි කරනවා. ඒ මුළු ලෝකය වටා ම කුඩයක් වැනි වැස්මක් නිර්මාණය කරමින්. මිනිසා සතු සියලුම ශක්තීන් ඔවුන් ලබා ගන්නවා. අවසානයේ ඔවුන් හුස්ම ගන්නා මිනිස්සුන්ව ද නොමරා මරා රොබෝවරුන් බවට පත් පත්කිරීමට තරම් සාහසික යකඩයන් බවට පත් වෙනවා.


පොඩ්ඩක් ඉන්න.... අඳුර තියන තැනක කොහේ හෝ ආලෝකයක් තියෙන්නත් පුළුවන්. ඔව්.. මනුෂ්‍යයන්ගේ මොළය සහ යම් යම් අවයව අයින් කර කෘතිම මොළයක් හා රොබෝ අස්ථි කොටස් ඇඟට සවි කිරීම තුළින් මිනිසුන්ව රොබෝවරු බවට පත් කරනවා. නමුත් මනුෂ්‍යය අපිට තියෙනවා හදවතක්. මේ හදවත පාලනය කරන්න රොබෝවරුන්ගෙ තාක්ෂණයත් මදි වෙනවා.


Trico බිහි වෙන්නෙ මෙතැනින්. ඇය කලක් මනුෂ්‍යත්වය පිරි සුන්දර යුවතියක්.. නමුත් මේ ව්‍යසනයේදී රොබෝවරුන් අතට ඇයත් හසුවනවා. ඇයව නැවත ඔවුන්ගේ ක්‍රමවේදය අනුව ප්‍රතිනිර්මාණය කරනවා. නමුත් අනෙකුත් සියල්ලෝ රොබෝවරු කරද්දි ඇයගේ යම් වෙනසක් සිදුවෙනවා. ඒ, ඇයගේ හදවත තවමත් මනුෂ්‍යත්වය හඳුනාගැනීමයි.


සියල්ල වෙනස් වන්නේ මෙතැනින්.. ඇය ගැහැණියක්.. නමුත් පෙනුමෙන් දැන් ඇය රොබෝවරියක්... එ වගෙම ඇය තවමත් හුස්ම ගන්නා මනුෂ්‍යයෙක්. ඒ වගේම ඇය පෙරදාට වඩා වැඩි ශක්තියක් සතු සුපිරි මනුෂ්‍ය කාන්තාවක් වෙනවා. ඒ ඇයව රෝබෝ කෙනෙක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේදි ඇයට ලබා දුන් තාක්ෂණික ශක්තීන් මෙන්ම විවිධ හැකියාවන් නිසා.


මින් පසු කුමක් වේද?.. මේ ලොකු සටනක ආරම්භයක්.. තැන් තැන් වල සැගවිලා හිටපු මිනිස්සු ඇයත් සමග එකතු වනවා. යලි මනුෂ්‍යත්වය බේරා ගනී ද? ලෝකයම රෝබෝවරු වේද? ඒක දැනගන්න නම් මේ සිහින සිනමා නිර්මාණය බලන්නම වෙනවා. කොටස් තුනකින් සමන්විත මේ සිනමා නිර්මාණය ලංකාවේ සැබෑවටම සිනමා නිර්මාණයක් වේවිද?


Trico මනංකල්පිත සිනමා සිහිනය වෙනුවෙන් Trico ගේ චරිතයට පණ දෙන්නට මා තෝරාගත්තේ නවක රංගන ශිල්පිනී අයේෂා මදුෂානි ය. ඉතින් මැය Super human woman කෙනෙක් විදියට දකින්න නම් අපි අපේ සිනමාවට ආදරය කරමු.


ස්තූති.
ලක්ෂාන් පෙරේරා
•••••••••••••••••••••••
©
#සිනමා_සිහිනය #dreamycinema

0 Comments